Wednesday, 30 December 2015

පැණි වරක බෑය!


 

 චරිත

රා.පුරුෂය

මහ ඇමති

අන්දරේ;

මහ රජා

කලු මැනිකෙ

 

 

මහ ඇමති: අන්දරේව මොහකට හරි අන්දවල ,නමල, පටලවල, කුදලල කොහොම හරි වෙන ලෝකෙකට යවන්න ඕනෙ!

රා.පුරුෂය:අර මක්කටෙයි දෙවියො!

මහ ඇමති: ඕකා මගේ දෝනියන්දැට කෙල හලනව නෙ වසවරර්ය

රා.පුරුෂය; ඌ හොඳ කොලු ගැටය නොවැ,ඒ වගේම යස කවටයලු,මැනිකෙට තකට තක 

මහ ඇමති:ඌ ගස් ගඳ ගහන පල් හොරෙක් ඒ කතාවෙන් පලක් නැහැ මහරජාගෙ වරක ගෙඩිය බාපං ගහෙන් බිමට 

(රජ පුරුෂය ගසට නැග වරක ගෙඩිය බායි. )

 රා.පුරුෂය සුදු රෙද්ද ඇරල බලමුද මගෙ දෙවියො

මහ ඇමති:  වහාම වහාම 

(සුදු රෙද්ද ඇරල බලයි)

රා.පුරුෂය;කිරි අප්පට බල්ලො බුරපි පලුවක් නැහැ නොවැ හාමුදුරුවනේ

මහ ඇමති: නයාම කාපිය එකත් එකටම අර ගස් ගඳ ගහන පල් හොරාම  තමයි !

රා.පුරුෂය;දැන් මොකද කරන්නෙ ආයුබොවං කවුද එනව මේ පැත්තට  ?

(ගීතයක් ගයමින් පයිංඩයක් අතැතිව අන්දරේ පැමිනේ )

අන්දරේ; වරකා ගහේ මී බැදලා පැනි වරකා මෝරලා

පැනි වරකා මෝරලා, පැනි වරකා මෝරලා,  cont....